( ප්‍රියානි මංගලිකා )
ඇඳිරිනීතිය පවතිද්දි ,අධිකරණ තහනම් නියෝග උල්ලංඝනය කරමින් වැලි පටවමින් සිටි රථවාහන 12ක්,සැකකරුවන් 12ක් සමග අද 19 දක්වා වූ ඉකුත් දින තුන තුල අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි .
දැදුරුඔයේ වැලි පටවමින් සිටි ට්‍රක් රථ හතක් ,ට්‍රැක්ටර් රථ දෙකක්,අත් ට්‍රැක්ටර් තුනක් සහ සැකකරුවන් 12 ක් දැදුරුඔයේ ස්ථාන 12කදී අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් කොබෙයිගනේ අවට දැදුරුඔයට ආසන්න ප්‍රදේශ වල පදිංචි අයවලුන් බවද පොලීසිය පවසයි .
නිකවැරටිය කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී අලවත්ත මහතාගේ අධීක්ෂණයෙන් ,ස්ථානාධිපති පො.ප.බංඩාර ජයතිලක මහතාගේ මෙහෙය වීමෙන් නිලධාරී කන්ඩායම් විසින් වැටලීම් සිදුකර ඇත.
සැකකරුවන් සහ අදාල නඩු භාණ්ඩ නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද ,සිදධීන් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරණ බවද පොලීසිය සඳහන් කරයි .


